ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය පසුගිය අගෝස්තු මාසයේදී 4.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජූලි මාසයේදී 4.5%ක් ලෙස පැවති ජාතික විරැකියා අනුපාතිකය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, කොවිඩ් වසංගතයෙන් පසු කාල සීමාව තුළ වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින්.
උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රම වෙළඳපොළේ පවතින උණුසුම අවම කර ගැනීමට නම් විරැකියා අනුපාතිකය 4.5%ත් 5%ත් අතර අගයක පැවතීම අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මහ බැංකු අධිපති Michele Bullock පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළා.
මේ අතර, ආර්ථික ක්‍රියාකාරකම් සීමා කර උද්ධමනය පාලනය කිරීම සඳහා RBA ආයතනය ලබන සතියේදී පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි ප්‍රධාන බැංකු හතර සහ මූල්‍ය වෙළඳපොළ විශේෂඥයන් අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රම බලකාය 67,700කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ හරහා ශ්‍රම බළකායට හවුල් වීමේ අනුපාතිකය 66.9% සිට 67.1% දක්වා ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා.



