ඕස්ට්‍රේලියානු ජාතික පියෙකු සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා Bali හි Kuta ප්‍රදේශයේ බංගලාවක මියගොස් සිටියදී හමු වී තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මෙය ඝාතනයක් සිදුකර පසුව සියදිවි නසාගැනීමක් විය හැකි බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි Damien John Shaw නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයා සහ ඔහුගේ අවුරුදු 6 ක පිරිමි දරුවා සහ 4 ක ගැහැණු දරුවායි.

මෑතකදී Jakarta බලා ගිය ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් අතරතුර දියණිය  දරුවන් හඬන හඬ ද ඇසී තිබෙනවා. ඒ අනුව ඇය කළ දැනුම්දීමකට අනුවයි හෝටල් කාර්යමණ්ඩලය කාමරය පරීක්ෂා කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් Bali පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.