Western Highway හිදී සිදුවූ pothole (වළක්) සහිත රථවාහන අනතුරකින් 71 හැවිරිදි Peter ‘Tiki’ Mason නමැති යතුරුපැදිකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියානු විපක්ෂ නායිකා Jess Wilson විසින් අග්‍රාමාත්‍ය Ben Carroll ගේ පාලනය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ප්‍රාන්ත මාර්ග පද්ධතියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉතා දුර්වල මට්ටමක පවතින බවට Auditor-General වාර්තාව නිකුත් වී සතියක් යන්නට මත්තෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා. 2020 ත් 2022 ත් අතර කාලයේ Ben Carroll මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මාර්ග ප්‍රතිපාදනවලින් ඩොලර් මිලියන 200 ක් කපා හැරීම මෙම විනාශයට මුල පිරූ බවයි Jess Wilson චෝදනා කළේ.
මෙම අර්බුදය හමුවේ Western Highway ඇතුළු ප්‍රාන්තයේ potholes පිළිසකර කිරීම සඳහා ඩොලර් මිලියන 352 ක මුදලක් වෙන්කරන බවත්, එහි වගකීමෙන් තමන්ට බැහැර විය නොහැකි බවත් අග්‍රාමාත්‍ය Ben Carroll ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සදහා පිළිසකර කළ potholes ගණන ඇසූ විට "තමන් අගමැති මිස මාර්ග අමාත්‍යවරයා නොවන බවට" ඔහු ප්‍රකාශ කිරීම නායකත්වයට සුදුසු නොවන බව Jess Wilson පෙන්වා දුන්නා. ලබන නොවැම්බර් මැතිවරණය ආසන්නයේ potholes 500,000 ක් වැසීමට තාවකාලික විසඳුම් දෙනවා වෙනුවට, තමන් බලයට පත්වුවහොත් වික්ටෝරියානු මාර්ග පද්ධතිය මුල සිටම නැවත ගොඩනැගීමට ඩොලර් බිලියන 5 ක් ආයෝජනය කරන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, Peter Mason ගේ මරණය සහ මාර්ගවල පවතින අතිශය අන්තරායකර තත්ත්වය සම්බන්ධයෙන් රජයට "ලේ තැවරී ඇති බවට" මෝටර් සයිකල් පදවන ප්‍රජාව චෝදනා කර සිටිනවා. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය Ben Carroll කියා සිටියේ මාර්ගවල ආරක්ෂාව පිළිබඳ වගකීම රජය භාරගන්නා නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන පූර්ව නිගමනවලට එළඹීමට නොහැකි බවයි.



