නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් පසු Liberal පක්ෂය සහ Pauline Hanson ගේ One Nation පක්ෂය එකතු වී ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි යන බිය තදින්ම මතු කරමින්, Victoria ප්‍රාන්ත අගමැති Ben Carroll පවසා ඇත්තේ "One Nation මාව බියට පත් කරනවා" යනුවෙනි.
ජූලි මාසයේදී Victoria හි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ලෙස පත්වූ පසු, විපක්ෂය සහ One Nation එකතු වීම පිළිබඳ අවදානම Labor පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් කිරීමට ප්‍රාන්ත අගමැති Ben Carroll කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති Victorian Liberal නායිකා Jess Wilson සඳහන් කර ඇත්තේ, වෙනත් පක්ෂ ගැන තමන්ට ගැටළුවක් නැති බවත්, මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීම තම අරමුණ බවත්ය.
මෑතකදී කරන ලද Redbridge මත විමසුම්වලට අනුව, Victoria හි Coaliton පක්ෂයට 29%කද, One Nation පක්ෂයට 25%කද සහ Labor පක්ෂයට 24%ක ප්‍රාන්ත ඡන්ද ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා. මෙහිදී සාම්ප්‍රදායිකව Labor පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකෙන Melbourne නුවර බටහිර ප්‍රදේශයේ (Red Wall) ඡන්ද දායකයින් රඳවා ගැනීම අරමුණු කරගනිමින් ප්‍රාන්ත අගමැති Ben Carroll මෙම බිය වැද්දීමේ උපායමාර්ගය (fear campaign) ක්‍රියාත්මක කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනවා.



