Bendigo සහ Geelong යන ප්‍රාදේශීය නගරවල පොදු ප්‍රවාහන සේවාවන් නැවත නගාසිටුවීම සඳහා සැහැල්ලු දුම්රිය හෙවත් Light Rail සහ ට්‍රෑම් රථ සේවාවන් හඳුන්වාදීමට ප්‍රවාහන විශේෂඥයින් යෝජනා කර තිබෙනවා.

ලොව පුරා නගර රැසක සැහැල්ලු දුම්රිය සේවාවන් නැවත ජනප්‍රිය වෙමින් පවතින පසුබිමක, Bendigo Station සිට Bendigo Art Gallery සහ ප්‍රධාන රෝහල් පරිශ්‍රය දක්වා බැටරි මගින් ක්‍රියාත්මක වන ට්‍රෑම් රථ සේවාවක් ආරම්භ කිරීමට Bendigo Heritage ආයතනය යෝජනා කර සිටිනවා. මීට අමතරව, Geelong සහ Surf Coast අතර පවතින අධික මාර්ග තදබදයට විසඳුමක් ලෙස Trackless Trams හෙවත් පීලි රහිත ට්‍රෑම් රථ හෝ වේගවත් බස් රථ සේවාවක් ආරම්භ කිරීමටද යෝජනා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නම් සංචාරකයින්ට පමණක් නොව දිනපතා ගමන් ගන්නා ජනතාවටද ප්‍රයෝජනවත් වන පරිදි ඉතා කෙටි කාල පරතරයකින් යුතුව මෙම සේවාවන් පවත්වාගෙන යා යුතු බවයි.