Big Bash ලීගයට පෞද්ගලික ආයෝජන කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙහි පළමු පියවර ලෙස Melbourne Renegades කණ්ඩායමේ හිමිකාරීත්වය පෞද්ගලික අංශයට විකිණීමට කටයුතු යොදා ඇති අතර, 2027/28 Big Bash තරගාවලිය වන විට එම කණ්ඩායම නව හිමිකාරීත්වයක් යටතේ ක්‍රීඩා කරනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Mike Baird ප්‍රකාශ කළේ, මෙම තීරණය ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීමටත්, ග්‍රාමීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් මහඟු පිටුවහලක් වන බවයි. කෙසේ වෙතත්, ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්, තරග කාලසටහන් සහ වැටුප් සීමාවන් පිළිබඳ පූර්ණ පාලනය තවදුරටත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේම පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



