වසර හතරකට පමණ පසු Central Queensland හි Biloela සහ Far North Queensland හි Cooktown රෝහල්වල මාතෘ සහ දරු ප්‍රසූති සේවාවන් නැවත ආරම්භ කර තිබෙනවා.
2022 වසරේදී මෙම සේවාවන් අත්හිටුවීම නිසා ප්‍රදේශයේ ගර්භණී මාතාවන්ට කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි Rockhampton හෝ Gladstone වැනි රෝහල් වෙත යාමට සිදු වූ අතර, ඊට එරෙහිව ප්‍රදේශවාසී මවක් වන Katie Craig විසින් ආරම්භ කළ වසර තුනක නිරන්තර අරගලයකින් පසුවයි මෙම සේවාවන් නැවත ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, Biloela රෝහලේ ආරම්භ කර ඇති සේවාවන් Level 2 මට්ටමේ පවතින බැවින්, හදිසි හෝ සංකීර්ණ ප්‍රසූත තත්ත්වයන් සඳහා එහිදී ප්‍රතිකාර ලබා දීමට නොහැකි වීම පිළිබඳව ක්වීන්ස්ලන්ඩ් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙහි සභාපති Erica Gannon කනස්සල්ල පළ කරනවා.
ප්‍රාදේශීය ප්‍රදේශ වෙත අවශ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමේ අභියෝගය හමුවේ වුවද, මෙම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව මධ්‍යම Queensland රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනයේ ප්‍රධානී Lisa Blackler වැඩිදුරටත් සඳහන් කළා.



