H5N1 Bird Flu වසංගත තත්ත්වය හේතුවෙන්, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සම්බන්ධයෙන් පැනවීමට තිබූ නව සුබසාධන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම කල්දැමීමට Victorian රජය තීරණය කර තිබෙනවා.
2036 වන විට සාම්ප්‍රදායික කූඩු ක්‍රමය තහනම් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස මෙම නව රෙගුලාසි මේ වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද, එය 2027 මැද භාගය දක්වා කල්දැමූ බවයි රජය ප්‍රකාශ කළේ.
Victoria කෘෂිකර්ම අමාත්‍ය Michaela Settle සඳහන් කළේ Bird Flu අවදානම හමුවේ ගොවීන්ට ඊට මුහුණ දීමට ප්‍රමුඛතාව දීමටත්, නව නීතිවලට සූදානම් වීමටත් මෙමගින් කාලය හිමිවන බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් Victoria ගොවි සම්මේලනයේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති Brian Ahmed පැවසුවේ, රජය මෙම නීති සකස් කිරීමේදී ගොවීන්ගෙන් කිසිදු විමසීමක් සිදුකර නොමැති බවයි. කෙසේ වෙතත් මෙම කල්දැමීම තුළින් මේ පිළිබඳව රජය සමග නැවත සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙන බව ද ඔහු සඳහන් කළා.
මේ අතර, Portland ප්‍රදේශයෙන් පළමු Bird Flu රෝගියා හඳුනාගැනීමෙන් පසුව Victoria ප්‍රාන්තයෙන් Bird Flu සිදුවීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් Southern Victoria හි කුකුළු ගොවීන්ට තම සතුන් ගොඩනැගිලි තුළ සිරකර තබන ලෙස පනවා තිබූ නියෝගය ලබන
ඔක්තෝබර් මැද භාගය දක්වා දීර්ඝ කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ.



