ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක කුරුලු උණ (Bird flu) වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව පැතිරෙන බිය හේතුවෙන් Perth හි කුකුළු මස් අලෙවිය සැලකිය යුතු ලෙස පහත බැස ඇති බව වෙළෙඳුන් පවසනවා.

mount hawthorn සහ Wattle Grove ඇතුළු ප්‍රදේශවල මස් වෙළෙඳසැල් හිමියන් සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් අලෙවිය 25% සිට 60% දක්වා ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ආහාර ප්‍රමිති අධිකාරිය තහවුරු කරන්නේ නිසි ලෙස පිසූ කුකුළු මස් සහ බිත්තර පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත්, ආහාර මගින් මිනිසුන්ට පක්ෂි උණ ව්‍යාප්ත වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය.

මේ අතර, ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවට බියෙන් තම ගෙවතුවල කුකුළන් ඇති කිරීමට ජනතාව පෙළඹීමේ ප්‍රවණතාවයක් ද WA Poultry Association විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

නමුත් බලධාරීන් පෙන්වා දෙන්නේ කුකුළන් යනු නිසි ජීව ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ නඩත්තු කළ යුතු සතුන් කොටසක් බැවින්, ඔවුන් රෝගවලින් ආරක්ෂා කරගැනීමට විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි.