ලොව පුරා සතුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්කළ මාරාන්තික H5N1 කුරුළු උණ වෛරසය Sydney හි Northern Beaches සහ Coffs Harbour ප්‍රදේශවලින් ද වාර්තා වී තිබෙනවා. Sydney නගර සීමාව තුළින් H5N1 වෛරසය හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මේ වන විට NSW ප්‍රාන්තය තුළ කුරුළු උණ ආසාදිත අවස්ථා 20 ක් සහ ඕස්ට්‍රේලියාව පුරා අවස්ථා 468 ක් වාර්තා වී ඇති බව සඳහන්. වනජීවී ගහනයට මෙයින් එල්ල විය හැකි බලපෑම පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවයි NSW පරිසර අමාත්‍ය Penny Sharpe ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් මියගිය හෝ රෝගී වූ කුරුල්ලන් ඇල්ලීමෙන් වළකින ලෙසත්, නිවෙස්වල ඇති කරන කුරුල්ලන් සහ කුකුළන් වනගත කුරුල්ලන්ගෙන් වෙන් කර තබන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.