Victoria හි Surf Coast ප්‍රදේශයෙන් හමු වූ හිවලෙකුගේ සිරුරකින් H5 Bird Flu වෛරසය වාර්තා වී ඇති බව බලධාරීන් තහවුරු කරනවා. මෙය Victoria ප්‍රදේශයේ ක්ෂීරපායී සතෙකුගෙන් මෙම වෛරසය හමුවූ පළමු අවස්ථාවයි.

මීට අමතරව Lorne හිදී මියගොස් සිටියදී හමු වූ ඩොල්ෆින් මතස්‍යයෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙනවා.

පසුගිය ජූනි 20 වැනිදා සිට මේ දක්වා Victoria හි කුරුල්ලන් 212 දෙනෙකුට මෙම වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර, Phillip Island හි Little Penguin ගහනය ඇතුළු අවදානම් සහිත සතුන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි.

ඉදිරි Spring ඍතුවත් සමඟ පක්ෂීන් විශාල වශයෙන් ගැවසෙන බැවින්, වෛරසය තවත් සතුන් අතර වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවයි කාලගුණ සහ සත්ත්ව පාලන බලධාරීන් පෙන්වා දෙන්නේ.