කුරුලු උණ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දුර්ලභ කුරුල්ලන් ඇතුළු දේශීය සතුන් රැසකගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රජය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, කුරුල්ලන් සහ ක්ෂීරපායින් ඇතුළු සතුන් 2,000කට වැඩි පිරිසක් මෙම වෛරසයට ගොදුරු වීමේ දැඩි අවදානමකයි පසුවන්නේ. ඉන් විශේෂ පහක් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති අතර, තවත් විශේෂ සිය ගණනකගේ ගහනය සීඝ්‍රයෙන් අඩුවීමේ තර්ජනයක් පවතින බව සඳහන්.
Christmas Island frigate, Herald petrel වැනි දුර්ලභ කුරුලු විශේෂ මෙන්ම Tasmanian devil, dolphin, සහ sea lion වැනි සතුන් ද මෙම වෛරසයේ බලපෑමට ලක්විය හැකි බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
මේ වන විටත් South Australia හි වෙරළාශ්‍රිත දූපතකින් සතුන් විශාල වශයෙන් මියයාමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. වනසතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා විශේෂ හදිසි අරමුදල් වෙන්කරන ලෙස පරිසර සංවිධාන ඉල්ලා සිටින අතර, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සඳහා එන්නත් ලබාදීමේ පරීක්ෂණ ද දැනට ක්‍රියාත්මකයි.



