ඕස්ට්‍රේලියාවෙහි බොහෝ ප්‍රදේශවල ඉදිරි වසන්ත සෘතුව සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි උෂ්ණත්වයකින් යුක්ත වන අතර, වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවනු ඇති බවට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (BOM) අනතුරු අඟවනවා.
කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ එළඹෙන දින කිහිපය තුළ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන අතර, දැනටමත් ඇතැම් ප්‍රධාන නගරවලින් වසර ගණනාවකට පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වන බවයි. Melbourne සහ Canberra නගරවලින් වසර පහකට පසුවත්, Hobart නගරයෙන් වසර 13 කට පසුවත් වසන්ත සෘතුව ආරම්භයේදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සටහන් වී තිබෙනවා.
සති අන්තය වන විට Sydney හි උෂ්ණත්වය 30°Cදක්වාත්, Brisbane හි උෂ්ණත්වය 32°C දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. පැසිෆික් සාගරයේ ඇතිව තිබෙන El Nino බලපෑම සහ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මෙම කාලගුණික වෙනස්කම්වලට ප්‍රධාන හේතුව බවද කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙනවා.



