Bondi Beach හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඕස්ට්‍රේලියාවේ සියලු ආගම් හා පසුබිම්වල ජනතාවට සුරක්ෂිතව සහජීවනයෙන් විසීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය 52%කින් පහත බැස ඇති බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
Combat Antisemitism Movement ආයතනය මගින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, 2025 දෙසැම්බර් හි සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසු විවිධ ආගමික කොටස් අතර සමගිය පලුදු වී ඇති අතර, ප්‍රදේශ රැසක ජාතිවාදී සහ ආගමික මතභේද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, One Nation නායිකා Pauline Hanson ප්‍රකාශ කර ඇත්තේ ඕස්ට්‍රේලියාව බහුසංස්කෘතික රටක් නොවිය යුතු බවයි. නමුත් ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය Anthony Albanese සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාව සැමවිටම බහුසංස්කෘතික රටක් බවත් එය සැමරිය යුතු එකක් බවත්ය.
කෙසේ වෙතත්, සමාජ සහජීවනය තහවුරු කිරීම සහ ආගමික වෛරී ප්‍රකාශන පිටුදැකීම සඳහා ප්‍රාදේශීය පාලන ආයතන වැඩි වැඩකොටසක් කළ යුතු බවටද මෙහිදී අවධාරණය කෙරෙනවා.



