Brisbane හි රෝහලක හදිසි අංශයට පැමිණි රෝගියෙකු එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා Jiu-jitsu සටන් ශිල්පය භාවිත කිරීමට සිදු වූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ ලියාපදිංචි හෙද නිලධාරියෙකු වන Daniel Nelson විසින් මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා. අදාළ රෝගියා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් නොසන්සුන් ලෙස හැසිරීම නිසා ඔහුව රෝහලෙන් පිටතට යැවීමට Daniel කටයුතු කර ඇති අතර, එහිදී රෝගියා එකවරම ඔහුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.
වසර 10 කට වැඩි කාලයක් Brazilian jiu-jitsu සටන් ශිල්පය ප්‍රගුණ කර ඇති Daniel, ක්ෂණිකව ක්‍රියාත්මක වී ප්‍රහාරය වළක්වා රෝගියා බිම හෙළා පාලනය කරගැනීමට සමත්ව තිබෙනවා. පහරදීමට ලක්වූ පුද්ගලයා අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු ඔහුට ඩොලර් 450 ක දඩයක් නියම වූ බව ඔහු සඳහන් කරනවා.
මෙම සිදුවීමත් සමඟ Queensland හි සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, Queensland Nurses and Midwives Union හි ලේකම් Sarah Beaman සඳහන් කළේ සෞඛ්‍ය සේවකයින්ට සේවා ස්ථානයේදී මෙලෙස තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පහරදීමට සිදු වන තත්ත්වයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.



