1970 දශකයේ සිට 1980 අගභාගය දක්වා කාලය තුළ දැරියන් පස්දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා මත 67 හැවිරිදි පුද්ගලයෙකු Brisbane හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සේවය කළ north Brisbane හි බේකරියකදී සහ වෙනත් ස්ථානවලදී මෙම අතවර සිදුකර ඇති බවටයි පොලිසිය චෝදනා කරන්නේ. අදාළ දැරියන් මොහු හඳුනන, බාලවයස්කාර පසුවූවන් බවද සඳහන්.

පසුගිය වසරේ මැයි මාසයේදී ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ Boondall ළමා ආරක්ෂණ විමර්ශන ඒකකය මගින් පසුගිය සතියේ Bracken Ridge හිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුට එරෙහිව ස්ත්‍රී දූෂණය සහ බාලවයස්කාර දැරියන්ට අපචාර කිරීම ඇතුළු චෝදනා 34 ක් එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඇප ප්‍රතික්ෂේප වූ සැකකරු September 28 වනදා Brisbane Magistrates Court එකට ඉදිරිපත් කිරීමට නියමිතයි.