Brisbane හි Brookfield ප්රදේශයේදී රැකියාවට යන අතරතුර 23 හැවිරිදි තරුණියකට බරපතල ලෙස ලිංගික අතවර කළ 32 හැවිරිදි Jacob Dave Henry Hauraki නමැති පුද්ගලයෙකු Queensland පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ, පෙරවරුවේ පාරේ ගමන් කරමින් සිටි අදාළ තරුණියව පිටුපසින් පැමිණ ආසන්න ලඳු කැලෑවකට ඇදගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවයි. පසුව ඇය අසල වූ ඇළ මාර්ගයක් සහ කැලෑ ප්රදේශයක් මැදින් ගොස් ආරක්ෂිත ස්ථානයකට පැමිණ පවුලේ අයට සහ පොලීසියට සිද්ධිය දැනුම් දී තිබෙනවා.
අපරාධය සිදු කිරීමෙන් පසු රැකියාවට ගිය සැකකරු, සවස නැවත එම ස්ථානයෙන්ම ගමන් කරමින් සිටියදී CCTV සහ Dashcam දර්ශන ඔස්සේ හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවයි රහස් පරීක්ෂක අධිකාරී Andrew Massingham ප්රකාශ කළේ. සැකකරුට එරෙහිව ලිංගික අතවර කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇති අතර, ඔහුව Brisbane මහේස්ත්රාත් අධිකරණය එකට ඉදිරිපත් කිරීමට නියමිතයි.



