ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත පුරා එකිනෙකට වෙනස් විපරීත කාලගුණ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. අධික උෂ්ණත්වය, ලැව්ගිනි, තද සුළං, ගංවතුර මෙන්ම හිම පතනයන් ද එකවර වාර්තා වීම මෙහි විශේෂත්වයක්.
Queensland ප්‍රාන්තයට අධික රස්නයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර Brisbane හි උෂ්ණත්වය 34°C දක්වාත්, Ipswich හි උෂ්ණත්වය 36°C දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. පැවැති අධික රස්නය සහ වියළි සුළං හේතුවෙන් එම ප්‍රදේශවල ලැව්ගිනි අවදානමක්ද මතුව තිබෙනවා.
පසුගිය සෙනසුරාදා Sydney ඇතුළු NSW ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවක වසන්ත ඍතුවේ උපරිම උෂ්ණත්ව වාර්තා අලුත් වූ අතර, පසුව හදිසියේම පැමිණි සීතල සුළං ධාරා සහ කුණාටු සහිත කාලගුණය නිසා බොහෝ ස්ථානවලට හානි සිදු වුණා. කෙසේ වෙතත් Perisher වැනි ඇල්පයින් ප්‍රදේශවලට සෙනසුරාදා හිම පතනයක් ද වාර්තා වී තිබෙනවා.
මේ අතර Victoria ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ලැබුණු මිලිමීටර් 50ත් 80ත් අතර තද වැසි හේතුවෙන් Murray සහ Loddon ගංගා ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි දින කිහිපයේදීත් ගංවතුර තත්ත්වය පැවැතිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



