Western Australia හි Kimberley කලාපයේදී තරුණ දේශීය පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට අදාළව, Broome හි හිටපු කතෝලික රදගුරු Christopher Saunders වැරදිකරු බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
සති තුනකට වැඩි කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 76 හැවිරිදි Saunders, එකඟතාවයකින් තොරව ලිංගිකව එක්වීමේ එක් චෝදනාවකට සහ අනාචාරයේ හැසිරීම් චෝදනා 12 කට වැරදිකරු බවයි West Australian District Court අධිකරණ ජූරි සභාව තීරණය කළේ.
කෙසේ වෙතත්, ඔහුට එරෙහිව තිබූ තවත් චෝදනා 6 කින් ඔහුව නිදහස් කර ඇති අතර, දඬුවම් නියම කිරීම ඉදිරි දිනයකදී සිදු කිරීමට නියමිතයි.


