Victoria හි Calder Freeway මහාමාර්ගයේ පාරේ ඇතිවූ විශාල වළවල් නිසා වාහන රැසක ටයර්වලට හානි සිදුවී රියදුරන් දැඩි අපහසුතාවයට පත්වීමේ පුවතක් වාර්තා වනවා.

Gisborne සහ Sunbury අතර ප්‍රදේශයේදී අද උදෑසන කාලයේ පමණක් මෙලෙස ටයර්වලට හානි වූ වාහන 10 කට ආසන්න සංඛ්‍යාවක් මාර්ගය අයිනට කර නවත්වා තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. සතියකට පෙර අලුත්වැඩියා කළ මෙම වළවල් නිසි ලෙස පිළිසකර නොකිරීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවට මාර්ග භාවිතා කරන්නන් චෝදනා කරනවා.

මීට පෙර ඊයේ දිනයේදීත් Melbourne හි Princes Freeway හි පැවැති වළවල් නිසා වාහන 30 කට ආසන්න ප්‍රමාණයක ටයර්වලට හානි සිදුවී තිබූ අතර, මේ වන විට අදාළ අංශ විසින් Calder Freeway හි හදිසි අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබෙනවා.