Brisbane නගර සභාව විසින් එහි පාලනය යටතේ පවතින පොදු පිහිනුම් තටාක තුළ ස්මාර්ට් කණ්නාඩි භාවිත කරමින් ජනතාව රහසිගතව වීඩියෝ කිරීම සහ ඡායාරූප ගැනීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
අලුතින් හඳුන්වා දුන් නීති රීතිවලට අනුව, ස්මාර්ට් කණ්නාඩි, ජංගම දුරකථන හෝ Action Camera මගින් අන් අයගේ අවසරයකින් තොරව වීඩියෝ හෝ ඡායාරූප ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එවැනි ක්රියාවල නිරත වන පුද්ගලයන් පිහිනුම් තටාක පරිශ්රයෙන් ඉවත් කිරීමට ජීවිත ආරක්ෂකයන්ට බලතල හිමිවනු ඇති.
Brisbane නගරාධිපති Adrian Schrinner සඳහන් කළේ, Anko සහ Meta Ray-Bans වැනි ස්මාර්ට් කණ්නාඩි වෙළඳපොළට පැමිණීමත් සමග තමන් හෝ තම දරුවන් රහසිගතව වීඩියෝ කරන්නේදැයි ජනතාව තුළ දැඩි බියක් හටගෙන ඇති බවයි. පිහිනුම් තටාක වෙත පැමිණෙන සෑම දෙනාගේම ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසුවා.
ඉදිරි සති කිහිපය තුළ Brisbane හි පවතින සියලුම පොදු පිහිනුම් තටාක 21 සඳහා මෙම නව තහනම ක්රියාත්මක කිරීමට නියමිත අතර, Digital Rights Watch ආයතනය සහ Queensland Family and Child Commission ආයතනය ද මෙම පියවර අගය කර තිබෙනවා.



