අද උදෑසන Canberra හි උතුරු දෙසින් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
Palmerston හි Gungahlin Drive, Kosciuszko Avenue මංසන්ධියට දකුණු දෙසින් මංසන්ධියට දකුණු දෙසින් සිදුවූ මෙම අනතුරෙන් කාර් රථයක් පදිකයින් තිදෙනෙකු ගැටී ඇති බවයි ACT පොලිසිය තහවුරු කළේ. පෙ.ව. 6:30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයන්හි පසුවන බව පොලිසිය පවසනවා.ACT Fire & Rescue, ACT Ambulance Service සහ ACT පොලිස් නිලධාරීන් ස්ථානයට පැමිණ සහන කටයුතු සිදු කර තිබෙනවා.
මෙම අනතුරත් සමග Well Station Drive සිට The Valley Avenue දක්වා Gungahlin Drive දෙපසම ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙය මෙම වසරේ ACT මාර්ගවල සිදුවූ 10 වන මාරාන්තික රිය අනතුරයි.



