පසුගිය සති දෙක ඇතුළත Canberra ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ශරීරගත වීම නිසා පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැකකෙරෙන අතර, තවත් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබෙනවා. මෙම මරණ සඳහා Opioid කාණ්ඩයේ ප්‍රබල මත්ද්‍රව්‍ය හේතුවන්නට ඇති බවයි ACT Policing මගින් සැකපළ කරන්නේ.
අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ව්‍යාජ ඖෂධ සහ මත්ද්‍රව්‍ය තුළ Nitazenes වැනි Morphine වලට වඩා දහස් ගුණයකින් ප්‍රබල කෘතිම මත්ද්‍රව්‍ය අඩංගු වී තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් තුළ අධිමාත්රාවීමේ ලක්ෂණ පෙනෙන්නට තිබේ නම්, වහාම හදිසි ඇමතුම් ලබාදෙන ලෙසත්, Naloxone නාසික ස්ප්‍රේ (Nasal spray) භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම සිදුවීම් පිළිබඳව ACT හදිසි මරණ විමර්ශන නිලධාරියා මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



