ඕස්ට්‍රේලියාවේ 2026 ජන සංගණන පෝරමයේ උපන් රට සඳහන් කිරීම සඳහා ලබාදී ඇති විකල්ප අතර චීනය ඇතුළත් නොවීම සම්බන්ධයෙන් චීන සම්භවයක් ඇති පිරිස් විරෝධය පළ කර තිබෙනවා.

පෝරමයේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පිලිපීනය, වියට්නාමය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඇතුළත් කර ඇති අතර, චීනය වෙනුවට “Other” යන විකල්පය තෝරා උපන් රට වෙනම සඳහන් කිරීමට සිදුව තිබෙනවා‌.

2021 ජන සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ චීනයේ උපන් පුද්ගලයන් 550,000කට ආසන්න පිරිසක් සිටින අතර, එරට විශාලතම සංක්‍රමණික කණ්ඩායම් අතර චීන සම්භවයක් ඇති පිරිසද වෙනවා.

චීනය මෙවර ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් චීන සම්භවයක් ඇති පුද්ගලයන් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට පැමිණිලි කර ඇති බව වාර්තා වෙනවා.