ඕස්ට්‍රේලියාවේ බලගතු වෘත්තීය සමිතියක් වන CFMEU ආයතනයේ Melbourne හි පිහිටි ප්‍රධාන මූලස්ථානය Victoria පොලීස් විශේෂ මෙහෙයුම් කණ්ඩායම විසින් ක්ෂණික පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
අද පෙරවරු 9.30 ට පමණ Elizabeth වීදියේ පිහිටි මෙම මූලස්ථානයට කඩා වැදුණු පොලිස් කණ්ඩායම්, එහි සිටි පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.
මෙම වැටලීමට මුල් වූ ආසන්නතම හේතුව හෝ අත්අඩංගුවට පත් පිරිසට එල්ල වී ඇති චෝදනා මොනවාද යන්න පොලිසිය මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කර නැහැ.
හිටපු ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකු වන John Setka, Footscray හි පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන දින 10 කට පසුවයි මෙම හදිසි වැටලීම සිදුව ඇත්තේ.



