ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනතාව උදෙසා ක්‍රියාත්මක Commonwealth Home Support Program (CHSP) වැඩසටහන 2029 වසර දක්වා දීර්ඝ කිරීමට මෙරට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී මෙය ස්ථිර වැඩසටහනක් බවට පත් කිරීමටයි රජය සැලසුම් කරන්නේ.
වැඩිහිටියන් 8,30,000කට ආසන්න පිරිසකට නිවෙස්වල සිටියදීම අවශ්‍ය ආහාර, ප්‍රවාහන හා වෙළඳපොළ කටයුතු සඳහා සහාය දක්වන මෙම වැඩසටහන, මීට පෙර Support at Home නමැති නව වැඩසටහනට ඒකාබද්ධ කර 2027දී අහෝසි කිරීමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත්, අදාළ තීරණයත් සමඟ සේවා සපයන ආයතන රැසක් ඉවත් වීම හේතුවෙන් වැඩිහිටි සත්කාර පද්ධතියට එල්ල වූ දැඩි බලපෑම සලකා බලමින්, රජය මෙම CHSP වැඩසටහන වෙනමම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ සහ වැඩිහිටි සත්කාර සංවිධානවල දැඩි අවධානය යොමු වී ඇති අතර, මෙය ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ලැබුණු විශාල ජයග්‍රහණයක් බවයි විපක්ෂය සහ විවිධ සංවිධාන පෙන්වා දෙන්නේ.



