ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයට විසඳුමක් ලෙස නිවාස ඉදිකිරීමේ ජාතික සංග්‍රහය පිටු 2,000 සිට පිටු 80 දක්වා අඩු කිරීමට Coalition පක්ෂය යෝජනා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Liberal පක්ෂයේ නිවාස පිළිබඳ ප්‍රකාශක Andrew Bragg පවසා ඇත්තේ, අඩු ආදායම්ලාභීන් ප්‍රමිතියෙන් අඩු නිවාස ලබාගැනීමට කැමති විය යුතු බවයි. නිවාස නැතිව සිටිනවාට වඩා ප්‍රමිතියෙන් අඩු නිවාස තිබීම වැදගත් බවත්, ඒ සඳහා කැපකිරීම් කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම යෝජනාව සමාජ සේවා සංවිධාන සහ නිවාස අයිතිවාසිකම් සුරැකීමේ කණ්ඩායම් විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ප්‍රමිතියෙන් අඩු නිවාස ඉදිකිරීමෙන් ජනතාවගේ විදුලි බිල සහ නඩත්තු වියදම් තවත් ඉහළ යන අතර, එයින් වාසි අත්වන්නේ ගොඩනැගිලි සංවර්ධකයින්ට පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


