ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රාන්ත රැසකට කෙටි වසන්ත කාලගුණයෙන් පසුව නැවතත් දැඩි ශීත කාලගුණයක් එල්ල විය හැකි බවට මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය (Bureau of Meteorology) සඳහන් කරන්නේ, අඟහරුවාදා සිට නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ හමන දැඩි ශීත සුළං ධාරාවන් (Cold Front) හේතුවෙන් Tasmania, Victoria සහ NSW යන ප්‍රාන්තවල උස් ප්‍රදේශවලට හිම පතනය පවා සිදුවිය හැකි බවයි.
මෙම තත්ත්වය හමුවේ Melbourne සහ Geelong නගරවලට වැසි සමග කුඩා හිම කැට පතනය වීමේ හැකියාවක් පවතින අතර, Sydney නගරයේ උෂ්ණත්වය 24°C සිට 15°C දක්වාදක්වාත්, Newcastle හි උෂ්ණත්වය 27°C සිට 13°C දක්වා දක්වාත් දැඩි ලෙස පහත බසිනු ඇති බව පැවසෙනවා.
කෙසේ වෙතත්, සති අන්තය වන විට ගිනිකොනදිග නගරවල උෂ්ණත්වය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.



