අවශ්‍ය තරම් අරමුදල් නොමැති වීම හේතුවෙන් ප්‍රදේශයේ සේවකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබූ Collingwood Town Hall ව්‍යාපෘතිය අත්හිටුවීමට City of Yarra council ආයතනය පියවර ගෙන තිබෙනවා.
Collingwood car park භූමියේ අවම වශයෙන් අඩු කුලී නිවාස 50 ක් ඉදිකිරීමට මීට පෙර අදහස් විමසීම් කැඳවා තිබුණා. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය සඳහා අධික මුදලක් වැයවීම සහ ක්‍රියාත්මක කිරීමේ පවතින බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරුන් සදහන් කළා.
මේ සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් යෙදවීමට පළාත් පාලන ආයතනය සූදානම් නොමැති බවත්, මේ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වය හමුවේ අවශ්‍ය අරමුදල් සපයා ගැනීම අභියෝගයක් වී ඇති බවත් මන්ත්‍රී Evangeline Aston පැවසුවා. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය Housing Australia Future Fund සඳහා සුදුසුකම් ලබා නොමැති අතර, ෆෙඩරල් රජයෙන් ද ඊට අවශ්‍ය සහය හිමිවී නැහැ.
Victoria හි නිවාස අමාත්‍ය Nick Staikos ප්‍රකාශ කළේ මෙවැනි ව්‍යාපෘති සඳහා Social Housing Growth Fund වෙත අයදුම් කරන ලෙස කවුන්සිලය වෙත යෝජනා කරන බවයි.
අනාගතයේදී අරමුදල් හිමිවුවහොත් හෝ වෙළෙඳපොළ තත්ත්වය යහපත් වුවහොත් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සූදානම් බව City of Yarra Council ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.



