Melbourne හි southeast දෙසින් පිහිටි Cranbourne හි Powerscout Retreat හි පිහිටි නිවසක පැවැති සාදයක් පාලනයෙන් තොරවීමත් සමඟ, එය විසිරුවා හැරීමට කැරලි මර්දන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් මැදිහත් වී තිබෙනවා. පසුගිය සිකුරාදා රාත්‍රී 11 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, 80 කට ආසන්න යෞවනයින් පිරිසක් නොනවත්වාම අදාළ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අලුත්වැඩියා කර විකිණීමට තබා තිබූ මෙම නිවස Airbnb ඔස්සේ ව්‍යාජ තොරතුරු ලබාදී කුලියට ගෙන ඇති අතර, පැමිණි පිරිස නිවසේ ජනේල සහ අනෙකුත් භාණ්ඩවලට දැඩි ලෙස අලාභහානි කර, රූපවාහිනී යන්ත්‍රය ඇතුළු දේපළ සොරාගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, Melbourne පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.



