ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රිකට් පුහුණුකරු Andrew McDonald ඇතුළු දිවයින පුරා සිටින ප්‍රධාන පුහුණුකරුවන් සහ Cricket Australia ආයතනයෙහි නිලධාරීන් Brisbane හිදී පැවැති දෙදින පුහුණු හමුවකට එක්ව තිබෙනවා.
මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ Sheffield Shield තරගාවලියේ ක්‍රීඩාංගණ තත්ත්වයන් එකිනෙකට සමාන වීම හේතුවෙන් නැගී එන පිතිකරුවන්ට විවිධ තණතීරුවලට හැඩගැසීමට ඇති බාධාවන් පිළිබඳවයි. විශේෂයෙන්ම දඟපන්දු යවන්නන්ට උදවු වන හෝ වෙනස් ස්වරූපයේ තණතීරු නොමැති වීම ක්‍රීඩකයන්ගේ වර්ධනයට බලපා ඇති බව හිටපු ක්‍රීඩක Greg Blewett ද පෙන්වා දෙනවා.
මීට අමතරව වේගපන්දු යවන්නන්ගේ ආබාධ පාලනය කිරීම සහ පන්දු යැවීමේ සීමාවන් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, මෙම පුහුණු හමුව වසරක් පාසා පැවැත්වීමට Cricket Australia ආයතනය සැලසුම් කර තිබෙනවා.



