Origin Energy සමාගමේ දත්ත පද්ධතියකට සිදුවූ සයිබර් ප්‍රහාරයකින් පාරිභෝගිකයින් 900,000 කගේ පමණ පෞද්ගලික තොරතුරු සොරාගෙන ඇති බවට වාර්තා වනවා.
මෙලෙස සොරාගත් තොරතුරු අතර බැංකු ගිණුම් තොරතුරු, හැඳුනුම්පත් සටහන් සහ රජයේ සහන ලබාගැනීමේ අංක ඇතුළත්. මෙම ප්‍රහාරය Manila හි පිහිටි ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා සිදුව ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම සිදුවීමෙන් පසු පද්ධතියේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත්, පීඩාවට පත් පාරිභෝගිකයින්ට අවශ්‍ය සහය සහ නොමිලේ දත්ත නිරීක්ෂණ සේවා සැපයීමට කටයුතු කරන බවත් Origin සමාගමේ ප්‍රධාන විධායක Frank Calabria ප්‍රකාශ කළා.
මේ අතර, සමාගමේ නමින් හෝ වෙනත් ආයතනයක නමින් පැමිණෙන සැකකටයුතු දුරකථන ඇමතුම්, SMS හෝ විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, පෞද්ගලික තොරතුරු කිසිවෙකුටත් ලබානොදෙන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.



