Victoria හි හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් මහජන මුදලින් ඉදිකිරීමට නියමිතව තිබූ පිළිරුව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට Victoria රජය තීරණය කර තිබෙනවා. දින 3,000 කට වඩා ධුරයේ සේවය කළ අගමැතිවරුන් වෙනුවෙන් ඩොලර් 134,000 ක වියදමින් ලෝකඩ පිළිරුවක් ඉදිකිරීමේ පැරණි ප්‍රතිපත්තිය මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් වර්තමාන ප්‍රජා බලාපොරොත්තු වලට නොගැලපෙන බවයි නව අගමැති Ben Carroll ප්‍රකාශ කළේ.
හිටපු අගමැතිවරුන්ගේ සේවය අගය කළද, ඒ සඳහා මහජන මුදලින් පිළිරූ ඉදිකිරීම අවශ්‍ය නොවන බව පවසමින් Ben Carroll සෙනසුරාදා මෙම තීරණය ගෙන තිබෙනවා. පසුගියදා පැවැති මත විමසුමකට අනුවද Victoria වැසියන්ගෙන් 74% ක්ම මෙම පිළිරුව ඉදිකිරීමට විරුද්ධත්වය පළ කර තිබූ අතර, ලබන නොවැම්බර් මැතිවරණයෙන් බලයට පත් වුවහොත් මෙම ව්‍යාපෘතිය අවලංගු කරන බවට විපක්ෂ නායිකා Jess Wilson ද මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඊට අමතරව රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වන අවමංගල්‍ය සහ ස්මාරක උත්සව සඳහා යන වියදම් සම්බන්ධයෙන්ද නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට Victoria රජය පියවර ගෙන තිබෙනවා.



