Dating app භාවිත කරන කාන්තාවන් ලිංගික හිංසනයන්, තර්ජන සහ විවිධ මානසික පීඩනයන්ට ලක්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Minderoo Foundation ආයතනයේ සහාය ඇතිව සිදු කළ මෙම පරීක්ෂණයට අනුව, Dating app භාවිත කළ කාන්තාවන්ගෙන් 99%ක්ම පසුගිය මාස 3 ඇතුළත යම් ආකාරයක අනිසි හෝ හානිකර චර්යාවකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. අකමැත්තෙන් ලැබෙන ලිංගික පණිවිඩ සහ ඡායාරූප, මානසිකව පාලනය කිරීම් මෙන්ම තර්ජනය කිරීම් ද මෙලෙස බහුලව වාර්තා වී තිබෙනවා.
බොහෝ කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමට උත්සාහ කළද, යෙදවුම්වල ඇති ඇතැම් ආරක්ෂිත ක්‍රමවේද ප්‍රමාණවත් නොවන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හමුවේ අදාළ online සමාගම් මගින් පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය වගකීමක් පැනවීමේ Digital duty of care පනත ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
පරිශීලකයන්ට හානියක් වූ පසු පියවර ගන්නවාට වඩා, මෙවැනි හානිකර ක්‍රියා සිදුවීම වැළැක්වීමේ සම්පූර්ණ වගකීම Dating app සමාගම් වෙත පැවරිය යුතු බවයි මෙමගින් යෝජනා කරන්නේ.



