බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසි කිරීම තරඟයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ජාතික ශූර රුමේෂ් තරංග සමත් වුණා.
ඔහු මෙහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 89.04 ක්.
මෙම ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග අඛණ්ඩව ඩයමන්ඩ් ලීග් තරගාවලි 5 කදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ගත්තා.
මෙවර ඩයමන්ඩ් ලීග් අදියර 6 ක් නියෝජනය කළ රුමේෂ් තරංග, ඉන් 5 කදී ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර එක් අදියරකදි දෙවැනි ස්ථානයට පත්වුණා.
රෝම් ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62 ක දක්‍ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කළ අතර එය මේ වසරේ මෙතෙක් ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම දක්‍ෂතාවයයි.
මේ අතර අවසන් වරට පැවති සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර 92.07 ක දක්‍ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා.
මේ වන විට ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි.



