ත්‍රස්තවාදී තර්ජන සහ දැඩි ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් “සංචාරය කිරීමෙන් වළකින්න” (do not travel) ලෙස අනතුරු අඟවා ඇති රටවල් 26 කින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
ගෝලීය තත්ත්වයන් මත නිරන්තරයෙන් යාවත්කාලීන වන මෙම ලැයිස්තුවට Africa කලාපයේ Burkina Faso, Central African Republic, Chad, Democratic Republic of the Congo, Libya, Mali, Niger, Somalia, Sudan සහ South Sudan යන රටවල් 10 ඇතුළත්.
එමෙන්ම Middle East කලාපයේ Bahrain, Iran, Iraq, Kuwait, Lebanon, Palestine, Syria සහ Yemen යන රටවල් 8 ද, Asia කලාපයේ Afghanistan, Myanmar සහ North Korea යන රටවල් 3 ද මෙයට අයත් වනවා.
මීට අමතරව Europe කලාපයේ Belarus, Russia සහ Ukraine යන රටවල් 3 මෙන්ම Americas කලාපයේ Haiti සහ Venezuela යන රටවල් 2 ද මෙම අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
තම පක්ෂයේ ප්‍රධාන අරමුණ වන්නේ රට තුළට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව පාලනය කරමින් ඕස්ට්‍රේලියානු වැසියන්ගේ ආරක්ෂාව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බවයි One Nation නායිකා Pauline Hanson ප්‍රකාශ කළේ.
1945 වසරේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාව විසින් සරණාගතයින් 950,000 කට අධික සංඛ්‍යාවකට රැකවරණය ලබා දී ඇති අතර, දැනට ක්‍රියාත්මක මානුෂීය වැඩසටහන යටතේ වසරකට සංක්‍රමණිකයන් 20,000 කට අවස්ථාව හිමිවනවා.



