Victoria හි Dookie ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති කලාපයක් පිහිටුවීමට තිබූ සැලසුම් අත්හැරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම සැලසුම හේතුවෙන් Campaspe, Greater Shepparton, Benalla සහ Greater Bendigo යන ප්‍රදේශවල සරුසාර කෘෂිකාර්මික ඉඩම් අවදානමකට ලක්වන බවට ප්‍රදේශවාසීන් සහ ගොවීන් දිගින් දිගටම විරෝධය පළ කළා. රටටම ආහාර සපයන සරුසාර ඉඩම් මෙවැනි ව්‍යාපෘති සඳහා යොදාගැනීමට එරෙහිව ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේයි Victoria රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
ප්‍රජා විරෝධය මෙන්ම විශේෂඥ උපදෙස් සැලකිල්ලට ගනිමින් මෙම කලාපය අත්හැරීමට තීරණය කළ බවත්, දැනට අනුමත වී ඇති අනෙකුත් ව්‍යාපෘති සාමාන්‍ය පරිදි සිදුවන බවත් බලශක්ති අමාත්‍ය Jaclyn Symes ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මෙම පසුබැසීමත් සමඟ Dookie ප්‍රදේශයේ ජනතාව සහ ගොවි සංවිධාන තම ජයග්‍රහණය සමරමින් සිටින බවයි වාර්තා වන්නේ.



