Great Barrier Reef හි කොරල්පර සූරා කමින් විනාශ කරන Drupella නම් ගොළුබෙල්ලන් 4,20,000කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට Queensland හි සංචාරක ව්‍යාපාරිකයින් සහ මගපෙන්වන්නන් පියවර ගෙන තිබෙනවා.

5cmක් පමණ විශාලත්වයෙන් යුත් මෙම Drupella ගොළුබෙල්ලන් කොරල්පරවල පටක ආහාරයට ගන්නා අතර, උන් ඉතා වේගයෙන් බිත්තර දමමින් ගහනය වර්ධනය කරගන්නා බවයි වාර්තා වන්නේ. කොරල්පර නැවත වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් මොවුන් කොරල්පර ආහාරයට ගැනීම නිසා මුළු කොරල්පර පද්ධතියම විනාශ වීමේ තර්ජනයක් මතුව තිබෙනවා.

Lady Elliot සහ Lady Musgrave කඩොලාන ආශ්‍රිතව සහ lagoons හි කිමිදුම්කරුවන් යොදවා විශේෂ ට්වීසර් (tweezers) ආධාරයෙන් මෙම ගොළුබෙල්ලන් එකිනෙකා අතින් ඉවත් කිරීම සිදුකරනවා.

2022 වසරේ ආරම්භ කළ Tourism Reef Protection Initiative ව්‍යාපෘතිය යටතේ සංචාරක ව්‍යාපාරිකයින් 26 දෙනෙකු සම්බන්ධ කරගනිමින් මෙම පාලන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා. කෘෂිකාර්මික අපජලය මුහුදට එකතුවීම නිසා මෙම ගොළුබෙල්ලන්ගේ වර්ධනය ඉහළ ගොස් ඇති බව පවසන විද්‍යාඥයින්, ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියා සහ Queensland රජයන් එක්ව මේ වන විට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළා.