Brisbane Showgrounds හි පැවැති Ekka Festival අතරතුර One Nation පක්ෂයේ ප්‍රචාරක ඇඳුමින් සැරසී සිටි 60 හැවිරිදි පක්ෂ සාමාජිකාවකට පිරිසක් විසින් පහරදී තිබෙනවා.

හවස් කාලයේදී පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇයට පහරදී ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ඇයගේ ඉළඇටයක් බිඳී යාම හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුවූ බව One Nation පක්ෂයේ ප්‍රධාන කාර්ය මණ්ඩල නිලධාරී වන James Ashby ප්‍රකාශ කළා.

One Nation පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce ද මෙම පහරදීම දැඩි ලෙස හෙළා දැක ඇති අතර, මෙම සිදුවීමත් සමග One Nation කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා විශේෂ පූර්වාරක්ෂක පියවර ගැනීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.