ඕස්ට්‍රේලියාවේ බලධාරීන් එරට ජනතාවට අනතුරු අඟවන්නේ ඉදිරියට එන ලැව්ගිනි ඍතුවට මුහුණදීමට සූදානම් වන ලෙසයි. El Nino තත්ත්වය තවදුරටත් වර්ධනය වීමත් සමඟ මේ වසරේ ලැව්ගිනි අවදානම ඉහළ ගොස් තිබෙනවා.
Northern Hemisphere ප්‍රදේශවලට දැඩි ලෙස ලැව්ගිනි බලපෑම් එල්ල වීමෙන් පසුව, දැන් අවධානය යොමුව ඇත්තේ ඕස්ට්‍රේලියාව දෙසටයි. ඒ වියළි කාලගුණය සහ පරිසරයේ ඉහළ ගොස් ඇති වියළි ශාක පත්‍ර ප්‍රමාණය නිසයි.
NSW, Queensland, Tasmania, Victoria, South Australia, Western Australia සහ Northern Territory හි ප්‍රදේශ රැසක ලැව්ගිනි අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙය 2019-2020 කාලයේ සිදු වූ catastrophic Black Summer වැනි තත්ත්වයක් බවට කෙලින්ම අනාවැකි කීමක් නොවන බවයි බලධාරීන් පවසන්නේ. එහෙත් ජනතාව කලබල නොවී, කල්තියා සූදානම් වීම ඉතා වැදගත් බවයි.
ගිනි නිවන සේවයේ ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂිත සැලසුම් සූදානම් කරගන්නා ලෙසත්, හදිසි අවස්ථාවකදී ගමන් කරන්නේ කොතැනටද යන්න කලින්ම තීරණය කර තබන ලෙසත්ය.



