මැතිවරණ අපේක්ෂකයන්ට බාධා කිරීමට බලපෑම් කරන්නන්ට මුදල් ගෙවූ බවට නැගුණු චෝදනා Plymouth Brethren ක්‍රිස්තියානි පල්ලිය ප්‍රතික්ෂේප කරනවා.
පසුගිය Labor පක්ෂයේ නැවත පත්වීමේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කිරීම සඳහා දකුණු අන්තවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යොදාගනිමින් රහසිගතව මුදල් ගෙවූ බවට එල්ල වූ චෝදනා Plymouth Brethren Christian Church ආගමික කණ්ඩායම විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා..
පෙර Exclusive Brethren ලෙස හැඳින්වුණු මෙම ධනවත් ක්‍රිස්තියානි කණ්ඩායමේ සාමාජිකයන්, Laurence McIntyre වැනි බලපෑම්කාරයන් යොදවා අගමැති Anthony Albanese ඇතුළු මැතිවරණ අපේක්ෂකයන්ට බාධා කළ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා..
නමුත් Senate inquiry හමුවේ පෙනී සිටි පල්ලියේ අධ්‍යක්ෂවරයෙකු වන Lloyd Grimshaw ප්‍රකාශ කළේ, මැතිවරණ සමයේදී සැබෑ ලෙසම ප්‍රහාරයන්ට ලක්වූයේ තම පල්ලියේ සාමාජිකයන් බවයි. මෙම චෝදනා "සම්පූර්ණ අසත්‍යයක්" බවත්, පල්ලිය විසින් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ බාහිර පාර්ශවයකට මුදල් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කරනවා.
මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke සඳහන් කළේ දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ තර්ජන හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දැඩි තීරණ ගත යුතු බවයි. එමෙන්ම Liberal Party සහ One Nation පක්ෂ ද මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ යුතු බව ඔහු පැවසීය.
නමුත් Nationals පාර්ලිමේන්තු මන්ත්‍රී Michael McCormack ප්‍රකාශ කළේ දකුණු හා වාමාංශික අන්තවාදී දේශපාලනය ද භයානක බවත්, මැතිවරණ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන මෙවැනි බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළා.



