ඕස්ට්‍රේලියාවේ වැඩිවන ජීවන වියදම් හමුවේ ජනතාවට සහනයක් සැලසීම සඳහා විදුලි බිලට එකතු වන අමතර ගාස්තු වහාම පහත හෙළන ලෙස පාරිභෝගික සහ සුළු ව්‍යාපාරික සංවිධාන එකමුතුවක් ඉල්ලා සිටිනවා.

විදුලි රැහැන්, කණු සහ උපපොළවල් සඳහා වන පිරිවැය පියවා ගැනීමට ජාල සමාගම් අය කරන ගාස්තු ප්‍රමාණය සලකා බලන 'Rate of Return Instrument' ක්‍රමවේදය සංශෝධනය කරන ලෙසයි ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ. Energy Consumers Australia හි ප්‍රධානී Brendan French සඳහන් කරන්නේ, අපතේ යන පාරිභෝගික මුදල් ඩොලර් බිලියන ගණනක් ආපසු ජනතාවට ඉතිරි කර දිය හැකි බවයි.

ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය ද පෙන්වා දෙන්නේ ජනතාව අත්‍යවශ්‍ය කෑම බීම සහ උණුසුම ලබාගැනීමට පවා අපහසුතාවයෙන් පසුවන අවස්ථාවක, විදුලි ජාල සමාගම් අධික ලෙස ලාභ ලබන බවයි. මේ වන විට අදාළ ක්‍රමවේදය පිළිබඳ පරීක්ෂණය පවත්වන AER ආයතනය, ලබන දෙසැම්බර් මාසයේදී සිය අවසන් තීරණය ගැනීමට නියමිතයි.