University of Sydney හි පැවැති ECON1001 විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් Douyin සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පිටවී තිබූ අතර, බොත්තම් ලෙස සකස් කළ කුඩා කැමරා සහ කන ඇතුළත රඳවාගත හැකි Micro-earpieces භාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සඳහා උදව් කරන සංවිධානාත්මක කණ්ඩායම්, විභාග ශාලාවේ සිටින සිසුන්ට ක්ෂණිකව උත්තර ලබාදීම සඳහා $600 සිට $2,300 දක්වා මුදලක් අයකර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන නියාමන ආයතනය වන TEQSA මගින් නීති විරෝධී විභාග සහාය ලබාදෙන වෙබ් අඩවි 400කට වැඩි ප්‍රමාණයක් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, විභාග වංචාවලට හසුවන සිසුන්ගෙන් අධික ලෙස මුදල් අයකරමින් විශ්වවිද්‍යාල පරීක්ෂණ සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තා සපයන බාහිර ආයතන පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, දිනෙන් දින දියුණු වන Smart glasses සහ Bluetooth උපාංග හඳුනා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පරීක්ෂණ පද්ධති සහ නීති රෙගුලාසි වහාම යාවත්කාලීන විය යුතු බවයි.



