Moreton Bay හි Albany Creek ප්‍රදේශයේ Albany Creek මාර්ගයේ පිහිටි මෙම fast food ආයතනය අසලදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 8.15ට පමණ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, Petrie හි පදිංචි 16 හැවිරිදි තරුණයෙකු මෙලෙස පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු වහාම රෝහල්ගත කර ඇති අතර දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයාට, බරපතල තුවාල සිදු කිරීම සහ තහනම් පිහියක් ළඟ තබා ගැනීම යන චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු දැනට පොලිස් භාරයේ පසුවන අතර හෙට දිනයේ Brisbane Children’s Court වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



