Brisbane හි බස්නාහිරින් පිහිටි Fernvale ප්‍රදේශයේදී රථවාහන අනතුරකින් 50 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Queensland පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ පස්වරු 6ට පමන Stoneywood වීදියෙහි සිදුවූ මෙම අනතුරෙන් තදබල තුවාල ලැබූ අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි Queensland ගිලන් රථ සේවය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය පුද්ගලයා සහ අදාළ කාන්තාව එකිනෙකා හඳුනන අය බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මනුෂ්‍ය ඝාතන විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



