ඕස්ට්‍රේලියාවේ First Nations සේවකයන්ට, සාමාන්‍ය ඕස්ට්‍රේලියානු සේවකයෙකුට වඩා පැයකට 16%ක අඩු වැටුපක් හිමි වන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
University of Technology Sydney ආයතනයේ Centre for Indigenous People and Work (CIPW) සහ Indigenous Business Australia (IBA) ඒකාබද්ධව නිකුත් කළ මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, ස්වදේශික සේවකයෙකු උපයන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයකින් ශත 84ක් වැනි මුදලක් පමණක් බවයි.
මෙම වැටුප් පරතරය හේතුවෙන් ස්වදේශික සේවකයන්ට තම ජීවිත කාලය තුළ ලැබෙන අර්ථසාධක අහිමි වීමකට හෝ සෑම වසරකම මාස දෙකකට ආසන්න කාලයක් නොමිලේ වැඩ කිරීමට සිදුවීමට සමාන පාඩුවක් සිදුවන බව CIPW අධ්‍යක්ෂ මහාචාර්ය Nareen Young පවසනවා.
මෙම වැටුප් විෂමතාව සඳහා අධ්‍යාපනය හෝ වැඩ කරන පැය ගණන පමණක් බලපා නැති බවත්, වැඩ වටිනාකම තීරණය වීමේදී පවතින ව්‍යුහාත්මක වර්ගවාදය මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා සේවා යෝජකයන් මත ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් වූ වෙනස්කම් වැළැක්වීමේ නීති මෙන්ම වාර්ගික අසමානාත්මතාවන් වැළැක්වීමේ දැඩි නීති පැනවිය යුතු බවට මෙම වාර්තාව නිර්දේශ කර සිටිනවා."



