Parliament Railway Station ආසන්නයේදී Frankston මාර්ගයේ ධාවනය වූ දුම්රියක් තුළ සිදුවූ පහරදීමකට සම්බන්ධ 26 හැවිරිදි පුද්ගලයෙකු Transit Crime Investigation Unit හි විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නව සිදුවූ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙකු Parliament Railway Station වේදිකාව මත සිටියදී සොයාගෙන වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

සිද්ධියෙන් පසුව Hardwood Place ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් Cranbourne West හි පදිංචි අදාළ සැකකරු අද Melbourne Magistrates’ Court වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේදී දුම්රිය මැදිරියේ සහ වේදිකාවේ සිටි තවත් සාක්ෂිකරුවන් පිරිසක් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, සිද්ධිය පිළිබඳ යම් තොරතුරක් හෝ වීඩියෝ දර්ශන තිබේ නම් වහාම Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.