එළඹෙන නොවැම්බර් මැතිවරණය ඉලක්ක කරගනිමින්, ඡන්දදායකයින් නොමඟ යවන සුළු නමකින් යුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවසර ලැබීමත් සමඟ, ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර නිසි ලෙස කරුණු අධ්‍යයනය කරන ලෙස වික්ටෝරියානු මැතිවරණ කොමසාරිස් Sven Bluemmel ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Free Palestine Party නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වූ පලස්තීන ක්‍රියාකාරී Ibrahim Hadi ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත්තේ, ඊශ්‍රායල හිතවාදී Avi Yemini විසින් ඊට පෙර " Free Palestine" නමින් පක්ෂයක් ලියාපදිංචි කර තිබීම නිසයි. පවතින නීතියට අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් පක්ෂයක් ලියාපදිංචි කිරීම වැළැක්විය නොහැකි බව වික්ටෝරියා මැතිවරණ කොමිසම පවසනවා. Victoria හි දැනට පවතින කණ්ඩායම් ඡන්ද ක්‍රමය ඔස්සේ මෙම පක්ෂයට ලැබෙන ඡන්ද දක්ෂිණාංශික පක්ෂ වෙත යොමු කිරීම Avi Yemini ගේ අරමුණ වී තිබෙනවා. මේ වන විට මෙම නොමඟ යවන සුළු ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.



