රජයේ Gambling පනත් කෙටුම්පතට ඡන්දය ලබා නොදීමට Greens පක්ෂය තීරණය කර තිබෙනවා. Gambling සමාගම් විසින් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට ලබාදෙන විශේෂ සහන සහ වාසි මෙන්ම Online වෙළඳ දැන්වීම්ද සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

සෙනෙට් සභා පරීක්ෂණයකදී එළිදරව් වූ කරුණු හමුවේ, ක්‍රීඩකයින්ට සහ අවදානමට ලක්විය හැකි පිරිස්වලට සිදුවන හානිය වැළැක්වීමට Coalition, Greens සහ Crossbenchers සියලු දෙනාම මෙම පනතට දැඩි සංශෝධන එකතු කළ යුතු බවට ප්‍රකාශ කර සිටිනවා.

Greens සෙනෙට් සභික Sarah Hanson-Young සඳහන් කළේ, කොටස් වශයෙන් පනවන දැන්වීම් තහනම්වලින් කිසිදු ඵලක් නොවන බවත්, පවතින තත්ත්වය යටතේ රජයේ පනතට සහය දැක්විය නොහැකි බවත්ය. කෙසේ වෙතත්, සාධාරණ සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි රජය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍ය Jenny McAllister ප්‍රකාශ කළේ.