Gaza තීරයේදී මියගිය ඕස්ට්‍රේලියාවේ ජාතික සහනාධාර සේවිකාවක වන Zomi Frankcom ගේ මරණය සම්බන්ධයෙන් අපරාධකාරී වරදක් සිදුවී නොමැති බව Israel රජය තීරණය කිරීමත් සමඟ, ඒ පිළිබඳව පැහැදිලි හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ලබාගැනීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පවසනවා.
2024 අප්‍රේල් මාසයේදී Gaza හි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටියදී එල්ල වූ ප්‍රහාරයකින් Zomi Frankcom ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත් වුනා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදාමය වශයෙන් අඩුපාඩු සිදුව ඇති බව මීට පෙර Israel හමුදාව පිළිගත්තද, එහි කිසිදු අපරාධකාරී වරදක් සිදුවී නොමැති බව පසුගිය බ්‍රහස්පතින්දා දින නිවේදනය කළා.
Israel හි මෙම වාර්තාව "කිසිවක් සිදු නොවූවා සේ" නිකුත් කළ එකක් ලෙස හඳුන්වමින් ඕස්ට්‍රේලියානු අගමැති Albanese කියා සිටියේ, මීට වඩා විනිවිද පෙනෙන පැහැදිලි කිරීමක් ඕස්ට්‍රේලියාවට හිමිවිය යුතු බවයි. Zomi ගේ පවුලේ අය සමඟ එකතුවී ස්වාධීන පරීක්ෂණයක් සඳහා Israel රජයට බලපෑම් කරන බවත්, ඉදිරි දිනවලදී ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසනවා. Zomi ගේ පවුලේ පිරිස්ද මෙම තීරණය අසාධාරණ එකක් ලෙස හඳුන්වා දී ඇත.
මේ අතර ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong ද Israel හි ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දුටුවා. බ්‍රහස්පතින්දා උදෑසන Israel තානාපති Hillel Newman, පාර්ලිමේන්තු මන්දිරයවෙත කැඳවා ඕස්ට්‍රේලියාවේ අප්‍රසාදය පළ කිරීමටද ඇය කටයුතු කළාය.



